ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බ්‍රහස්පතින්දා (21) මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර නාවික විධානයට අයත් 4 වන වේග ප්‍රහාරක ෆ්ලෝටිලා හි P 435 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු දේශීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ට්‍රෝලර් යාත්‍රාව මගින් විදේශ රටකට නීතිවිරෝධී සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම තුළ; ට්‍රෝලර් යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 ක්, කාන්තාවන් 09 ක් සහ ළමුන් 05 ක් ඇතුළුව පිරිමින් 19 ක්. මෙම නීතිවිරෝධී මුහුදු ගමන සඳහා භාවිත කළ දේශීය බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදාව සතුව තිබී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 සිට 65 දක්වා පුද්ගලයින් ඇතුළු හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඔවුන් නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.
මිනිස් ජාවාරම්කරුවන් වේගයෙන් මුදල් ඉපයීමේ අරමුණින් අනාරක්ෂිත යාත්‍රා යොදා ගනිමින් මෙවැනි ජාවාරම් සංවිධානය කරන බව නිරීක්ෂණය වේ. මෙවැනි පසුබිමක අවදානම් මුහුදු ගමන්වල නිරත වීමෙන් ජීවිත අවදානමෙන් වළකිමින් නීතිය ඉදිරියේ ගොදුරු බවට පත්වන ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.