දැනට හටගෙන ඇති අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා සිටී.
මීට දින කිහිපයකට උඩදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් රහසිගතව රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දුන් බවද ඔහු දැඩිව ප්‍රකාශ කළා.
එදින රනිල් වික්‍රමසිංහට ඡන්ද 134 ක් ලැබුණු බවත් කෙසේ වුවත් එම පුද්ගලයන් ආණ්ඩුවට ගොස් අසුන් ගැනීමක් සිදු නොවෙන අතර ඔවුන් රහසිගතව ඡන්දය ලබාදී ඇති බවයි ඔහු අදහස් දක්වා සිටියේ.
ඒ කුමක් වුවත් ලබන 27 වනදා පාර්ලිමේන්තුව රැස්වී හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී එය හෙළි කර ගත හැකි බවත් එම ඡන්දය රහස් ඡන්දයක් නොවන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.
ඒ අනුව වික්‍රමසිංහ මහතා ජනපති පුටුවේ ඉන්දවීමට ඡන්දය ලබාදුන් පිරිස 27 වනදා විපක්ෂයේ සිට හදිසි නීතියට විරුද්ධව අත ඔසවනු ඇති බවයි අනුර කුමාර දිසානායක අනාවැකියක් පළ කරමින් වැඩිදුරටත් පවසා සිටියේ.