කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විදුලි සංශෝධන පනත් කෙටුම්පත සඳහා සිය අත්සන යොදා තිබෙනවා.
එලෙස බලාත්මක වූ එම පනත අද (15) සිට ක්රියාත්මක වන බවයි ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරමින් කියා සිටියේ.
මෙම නව පනත් කෙටුම්පත මඟින් යම් තැනැත්තෙකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස බලපත්රයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම සිදුවනවා.
මේ උක්ත කරුණු වලට අමතරව නිපදවිය හැකි ධාරිතාව සම්බන්ධ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම ද මෙම සංශෝධනය මඟින් සිදුකර තිබෙනවා.