සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන හා අවසන් එක්දින තරග කඩලු 6 කින් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 41 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2 ක්, කසුන් රාජිත හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.
තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය එක් තරගයකට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අතහැර දැමුනු අතර ඒ අනුව තරග 2 කට 0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.