කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක – 60ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වනවා.
තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19% කින් අඩුවීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් හා මාධ්‍ය නිවේදනය පහතින්.

