2022 මාර්තු 31 න් අවසන් කාර්තුවේදී දුම්වැටි අලෙවි පරිමාව පෙර වසරට සාපේක්ෂව 5% කින් ඉහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි.
2022 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාවට අනුව සමාගමේ පිරිවැටුම සහ රජයේ බදු ආදායම කාර්තුව තුළ 6% කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, ලංකා දුම්කොළ සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා රුපියල් බිලියන 37 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර, එයින් රුපියල් බිලියන 27.84 ක් රජයේ බදු ලෙස ද රුපියල් බිලියන 2.58 ක් ආදායම් බද්ද ලෙස ද ගෙවා ඇති අතර, සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 4.18 කි.