අද (24) දින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වනවා.
මේ වනවිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ජාවේදී අවධානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
දුම්රිය ගාස්තු සංශෝධනය කර ඇති ආකාරය ගැන විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරු 06.00 සිට පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කළා.
ඒ අනුව, සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් මේ වනවිට ඉවත්ව සිටින බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.