
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කළ නොහැකි බව අවධාරණය කර සිටිනවා. ගැටලු කිහිපයක් විසඳීමට ඇති බැවින් දුම්රිය ගාස්තු සංශෝධනය කළ නොහැකි බව එම සංගමය පවසනවා.
මීට පෙරාතුව දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් හරි අඩකින් වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබුනා. ඒ අනුව අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමටයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබුනේ.