ලබන අගෝස්තු මස 1 වැනිදා සිට දුම්රිය කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව ඉහළ දැමීමට දුම්රිය බලධාරීන් අර අදිමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා මුඛයෙන් පවසනවා.
මීට මාසයකට ආසන්න කාලයකට පෙර දුම්රිය කලින් ආසන වෙන් කරවාගැනීමේ ගාස්තු ඉතා ඉහල ප්‍රතිශතයකින් වැඩි කල බවත් සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව මෙම මස 25 වන දින ඉහළ දැමීමත් සමඟ මෙම කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව නැවතත් ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් දුම්රිය වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කර සිටී.