සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
එමෙන්ම නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි අතර උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුළුවලින් බරව පතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අකුණු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.