විදේශගතව සේවය කරන තම බිරිද නිවසට නොපැමිණියේ නම් පස් හැවිරිදි පුත්රයාගේ ගෙලෙහි පිහියක් තබා ඝාතනය කරන බවට වීඩියෝ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අගෝස්තු 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා.
ඔහු ඉරිදා කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මේ වනවිට දරුවා මිත්තණිය ළඟ පදිංචිව සිටින බවයි පොලිසිය අධිකරණයට වාර්තා කළේ. සම්පූර්ණ පරිවාස වාර්තාවක් අගෝස්තු 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරුණා.
සැකකරු මීට පෙර තමන් විසින් සාදන ලද වීඩියෝ පටය තම බිරිඳට සහ ඇය විදේශගත කළ රැකියා ඒජන්සියට WhatsApp හරහා යවා ඇත.
පසුව කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් දරුවා තම භාරයට ගෙන ඇති අතර පසුව මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
තර්ජනාත්මක වීඩියෝ පටය සෑදීමට යොදාගත් පිහියද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සොයාගෙන ඇත. දරුවාගේ ගෙල ප්රදේශයේ තුවාල සලකුණු දක්නට ලැබීම හේතුවෙන් වහාම දරුවා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා. මෙම පුද්ගලයා මීට පෙරද මෙවැනි ක්රියා සිදු කර ඇති බව පොලිසිය පවසයි.