මෙක්සිකෝවේ ගුවන්ජුවාටෝ පළාතේ තැබෑරුමක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 7 කි.
‘එල් එස්ටාඩියෝ’ නමැති එම තැබෑරුමේ වෙඩි තැබීම සිදුවූයේ රාත්රී 11 ට පමණය. මියගිය පිරස අතර පිරිමින් 7 දෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බව පැවැසෙයි.
සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තැබීම සිදු කර තිබේ. එය අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සැහැසි ක්රියාවක් යැයි පොලිසිය පවසයි. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.