ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 100 යේ සිට රුපියල් 120 ක් දක්වා ඉහළ දැමීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඉන්ධන නිසි පරිදි ලබාදීම සහ නියාමන කටයුතු ආරම්භ වූ පසු ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු විය හැකි බවයි එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ.