ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් පමණ ලබා දීමට පොරොන්දු වී ඇති බවට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය ලෝක බැංකුව ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්යක්ෂ ෆාරිස් H. හඩාඩ්-සර්වොස් පැවසුවේ, “අනෙකුත් සියලු ප්‍රකාශයන් අතර, bridge loan පහසුකම් හෝ නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බව මෑත කාලීනව පළවූ මාධ්‍ය වාර්ථා සාවද්‍යය බවයි.”
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර ආර්ථික ස්ථාවරත්වය සහ පුලුල් පදනම් වූ වර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි.
“අපි දැනට රජයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි නිවාස සඳහා තාවකාලික මුදල් හුවමාරු කිරීම්, අවදානමට ලක්විය හැකි පවුල්වල දරුවන්ට පාසල් ආහාර සහ ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා ආධාර කිරීම සඳහා කලින් අනුමත කරන ලද ව්‍යාපෘතිවල සම්පත් නැවත සකස් කරමින් සිටින්නෙමු.” යැයි ෆාරිස් H. හඩාඩ්-සර්වොස් මහතා තවදුරටත් පැවසීය.