ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාද වූ ප්‍රථම විධායක ජනාධිපති J. R. ජයවර්ධන මහතාගේ 116 වැනි ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ.
1906 සැප්තැම්බර් 17 වැනිදා කොළඹ සේදවත්ත වලව්වේ උපත ලැබූ ජේ.ආර්. ජයවර්ධන හිටපු විනිසුරු සහ රජයේ අධිනීතිඥ ඊ.ඩබ්ලිව්.ජයවර්ධන සහ හෙලේනා ඇග්නස් විජේවර්ධනට දාව දරුවන් එකොළොස් දෙනෙකුගෙන් වැඩිමලා විය. J. R. ජයවර්ධන වෘත්තියෙන් නීතිඥයෙක්.
1943 පැවති කැලණිය අතුරු මැතිවරණයට ඉදිරිපත්ව රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි ඔහු 1947 මහ මැතිවරණයෙන් කැලණිය ආසනය ජයග්‍රහණය කර 1947 ආරම්භ වී වසර හතක් ප්‍රථම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ජයවර්ධන 1970 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර දකුණු කොළඹ ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් විය. පසුව ඔහු 1977 දක්වා ජාතික රාජ්‍ය සභාවේ විපක්ෂ නායකවරයා විය.
එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයත් සමඟ ඔහු පක්ෂයේ නායකත්වයට පත් විය.
ජේ.ආර්.ජයවර්ධන 1977 මහ මැතිවරණයෙන් අති බහුතරයකින් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ 7 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් විය.
පසුව ඔහු 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස පත් විය.
හිටපු ජනාධිපති ජයවර්ධන මහතා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ සැලැස්ම, නිදහස් වෙළෙඳ කලාප ස්ථාපිත කරමින් රටට දැවැන්ත සේවාවක් ඉටු කළේය.
කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය සංස්කෘතික ත්‍රිකෝණය, රැකියා බැංකු ක්‍රමය, වගා නිලධාරීන් පත් කිරීම, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන වැනි එතුමාගේ මුල පිරීම්වලින් දහස් ගණන් ජනතාව ප්රතිලාභ ලැබූහ. මේ නොමැකෙන දේශපාලනඥයා මීට වසර 26කට පෙර 1996 නොවැම්බර් 01 වැනිදා මෙලොවින් සමුගත්තේය.