කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් තිදෙනෙකු හට සිතාසි නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අල්ලස් කොමිෂම විසින් ගොනුකර ඇති නඩුවකට අදාළව අධිචෝදනා භාර දීම සඳහා මෙලෙස සිතාසි නිකුත් කර ඇති බවටයි සඳහන් වන්නේ.
සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
එළැඹෙන ජූලි මස 04 වනදා හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.