Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 3
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජීවිතයේ සතුට අඳුරගන්න හොයාගන්න ඉකිගයි ක්‍රමය භාවිතා කල හැකි විධි
Lifestyle 9 Views

ජීවිතයේ සතුට අඳුරගන්න හොයාගන්න ඉකිගයි ක්‍රමය භාවිතා කල හැකි විධි

Buzzer EditorBy Buzzer EditorJanuary 3, 2023No Comments4 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ලෝකෙටම හපන්නු විදියට හඳුන්වන ජපන්නුන්ගෙ මේ සරල වගේම බොහොම වැදගත් ඉකිගයි සංකල්පය ගැන තමයි අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නෙ. මේක දිගුකාලයක් සතුටින් ජීවත් වෙන්න ජපන්නු අනුගමනය කරන හරිල ලස්සන සංකල්පයක්. මේක ලස්සනට විග්‍රහ කරපු පොතක් තියනවා ලෝක ප්‍රසිද්ධ ලේඛකයින් දෙපලක් වන Hector Garcia හා Frances Mirallers විසින්. ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නෙ කියලා.

01. මොකද්ද මේ ඉකිගයි කියන්නෙ

මුලින්ම වචනාර්ථය අරන් බැලුවොත් ඉකි කියන්නෙ ජපන් වලින් ජීවිතය කියන අර්ථය. ඒ වගේම ගයි කියලා කියන්නෙ වටිනාකම කියන එක. සරලවම කිව්වොත් අපේ මේ ජීවිතයට හරි වටිනාකමක් දෙමින් සතුටින් දිගු කාලයක් ජීවත් වෙන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මේක මුලින්ම පටන් ගත්තෙ ජපානයේ ඔකිනාවා කියන ග්‍රාමයෙන්. ඒ ගමේ මිනිස්සුගෙ ආයුෂ ගොඩක් වැඩී. ඒකට හේතුව එයාලා මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන නිසා.

02. කොහොමද මේක වෙන්නෙ?

ඉකිගයි සංකල්පය ක්‍රියාත්මක වෙන්න ප්‍රධාන වශයෙන් කාරණා 4ක් බලපානවා.

  1. ඔයා වැඩියෙන්ම කැමති දේ. හිතන්න ඔයා යමක් කරනකොට අන් සියල්ලටම වඩා ඒ දෙයින් සතුටක් ලබනවා නම්, හරිම උනන්දුවෙන් ඒක කරනවා නම්, පොසිටිව් ෆීලින් එකක් දැනෙනවා නම්, එතන මේ ඉකිගයි කියන දේ තියනවා.
  1. මේ කැමති දේ අන් අයට අවශ්‍යද, මේකෙන් අන් අයට පොසිටිව් බලපෑමක් තියනවද කියන දේ, එහෙම උනොත් ඒක ඔයාගෙ ඉකිගයි එක වෙන්න පුළුවන්. හැබැයි මේ ඔයා කැමති දේ අනික් අයත් කරන්නම ඕනෙ කියලා දෙයක් නෑ. එයාලා කැමති නම්කරන්න පුළුවන්. ඔයාගෙ මේ ස්කිල් එකෙන් අනික් අයට වැඩක් තියනවද කියලා තමා මේකෙන් සරලවම කියන්නෙ.
  2. ඊලඟට බලන්න ඕනේ මේ තියන ස්කිල් එකෙන් ලෝකෙට වැඩක් කරලා මුදලක් උපයාගැනීමේ හැකියාව තියනවද කියන එක. සාමාන්‍ය මතය නම් සතුටින් ඉන්න මුදල් ඕනේ නෑ කිව්වට අද මුදල් නැත්තන් කරන්න කිසි දෙයක් නෑනෙ නෙහ්. ඉතින් හැකියාවට මුල්‍යමය වටිනාකමක් ලබාගන්න පුළුවන්ද බලන්න ඕනෙ. මොකද ඔයගෙ දිනපතා අවශ්‍යතා වලට ප්‍රමාණවත් මුදලක් නොලැබුනොත් ඔයා ඒ වියදම් පිරිමසා ගන්නා විදිය ගැන හිතලා ස්ට්‍රෙස් වෙනවා. මේකෙන් සතුට අඩු වෙනවා. ඒ නිසා මේ තුන්වෙනි පියවර හරිම වැදගත්.
  3. ඊලඟට ඔයාට මේ ඉකිගයි එක හොයාගන්න කොට ඒක ඔයාට හොඳට පුළුවන්ද? ඒ කාර්‍යයයේදි ඔයාට හොඳටම පෆෝම් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනෙ. එතකොට තමා මේ ඉකිගයි කියන සංකල්පය සාර්ථක වෙන්නෙ.

03. මේකෙ වැදගත්කම කොහොමද?

ඉතින් උඩින් කිව්ව විදියට තමාට හොඳින්ම කල හැකි කාර්‍යයයේ නිරත වෙනකොට ඒකෙන් ඔයාගෙ කාර්‍යෂමතාවය වැඩිවෙනවා. ඒවගේම සතුටින්, ප්‍රබෝධයෙන් වැඩ කරනවා. මේ විදියට දීර්ඝ කාලයක් වැඩ කරනකොට ශරීරයට බොහොම සුවපහසු ගතියක් දැනෙනවා. මනස සතුටින් තියන නිසා ලෙඩරෝග අඩුවෙලා නිරෝගී බව රැකෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව දිගු කාලයක් ජීවත්වෙන්න හැකියාව ලැබෙනවා. මේ ඉකිගයි කියන සංකල්පය හරහා මුළු ලෝකෙම තමන්ට කළ හැකි හොඳම කාර්‍යයයේ නියැලෙනව නම් තමන්ගෙ සතුට වැඩි කරගෙන ලස්සන ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.

04. මේක ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද?

අපි දැන් බලමු උඩින් මං කිව්ව විදියට ඔයාගෙ ඉකිගයි එක හොයාගන්නෙ කොහොමද කියලා. හිතන්න ඔයා දැනට කරන රැකියාවහෝ කාර්‍යය ඔයා ආසාවෙන්ද කරන්නෙ කියලා. ඒකෙදි ඔයා සතුටින්ද ඉන්නෙ කියලා. එහෙම නැතිනම් ඔයා ඔයාගෙ ඉකිගයි එක හොයාගෙන නෑ. හිතන්න ඔයාට හොඳටම පුළුවන්, ඔයා කරන්න ගොඩක්ම ආස දේ මොකද්ද කියලා. උදාහරණයක් විදියට අපි හිතමු කෙනෙක් රැකියවක් කරනවා. එයා ඒ රැකියාවෙන් තෘප්තිමත් නෑ. ලැබෙන පඩිය වියදම් සෑහීමට මදි නිසා ස්ට්‍රෙස් එකෙන් ඉන්නෙ. නමුත් එයා විනෝදාංශයක් විදියට කේක් හදනවා. ඒකට එයා ගොඩක් දක්ෂයි. ඒ වගේම එයාගෙ කේක් රසයි. ඉතින් එයා හිතනවා කේක් පැත්තෙන් ඉදිරියට ගියොත් හොඳ ගමනක් තියෙයි කියලා. ඒ වගේම එයාට හොඳ කස්ටමර් බේස් එකකුත් හැදෙනවා. තව ටිකක් කේක් කලාව ගැන ඉගෙනගෙන එයා කේක් හදන්න පටන් ගන්නවා. ඒකෙන් එයාට ආර්ථික ලාභයක් අත්වෙනවා. ඊටත් වඩා එයා සතුටින් මේ කාර්‍යය කරන නිසා ඒක හොඳටම කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙයා මෙයාගෙ ඉකිගයි එක හොයාගෙන තියෙන්නෙ. ඉතින් ජොබ් එකක් කරන කෙනෙක්ට උනත් තමන්ගෙ ඉකිගයි එක ඩිවලොප් කරගන්න අමාරු නෑ. පොඩ්ඩක් හිතන්න විතරයි ඕනෙ.

05. ඔයාගෙ ඉකිගයි එක හොයාගන්නෙ කොහොමද?

මේ ඉකිගයි සංකල්පයෙ උඩින් කිව්ව කාරණා 4 හරියටම අවබෝධ කරගන්නකල් අපිට අපේ ඉකිගයි එක හොයාගන්න අමාරුයි. ඉතින් ඔයා බලන්න ඔයා ආසාවෙන් කරන, ඒක නිසා සමාජයට යහපතක් වෙන දේ මොකද්ද කියලා. මේකෙදි විශේෂයෙන්ම ඔයා සතුටින් හා ආසාවෙන්ම කරන දේ තෝරගන්න ඕනෙ. ඊලඟට ඒකෙන් අනික් අයට හොඳ දෙයක් වෙනවද කියලා බලන්න. ඒ වගේම මේ දේ ඔයාට හොඳින්ම කරන්න පුළුවන්ද බලන්න. මොරාල් එක තියනවා කියලා බැරි දේවල් පටන් ගන්න එක ඉකිගයි නෙමෙයි. ඉතින් ඔයාට හොඳින්ම කරන්න පුළුවන් ඒ තෝරලා ඒකෙන් තමුන්ට ආර්ථික වාසියක්, එහෙම නැත්තන් මුදල් උපයන්නත් පුළුවන් නම් සැළසුමක් සහිතව තමන්ගෙ ඉකිගයි එක වර්ධනය කරගන්න පටන් ගන්න. රැකියාවක් කරන්නෙ කළ යුතු නිසා වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා හොඳින් කරන්න පුළුවන් කාර්‍යයක් තියනවනම්, ඒක ඔයාගෙ ඉකිගයි එක කියලා ඔයාට දැනෙනවනම් නොපමාව ඔයාගෙ සතුට සොයාගන්න. ලස්සන ප්‍රීතිමත් ජීවිතයක් අපි හැමෝටම උරුමයි. ඉතින් අපි පටන් ගමු ජීවිතය අලුතින් ලියන්න… (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Lifestyle සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured Lifestyle pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරගාවලිය අදින් ඇරඹේ
Next Article ගුරුවරුන් වැඩි කොටසක් විශ්‍රාම යාම අධ්‍යාපන අංශයට අභියෝගයක්
Buzzer Editor
  • Facebook

Related Posts

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 3, 20262 Views

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

By Buzzer EditorialJune 3, 202602 Views

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි…

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.