ජාතික හැඳුනුම්පත් සැකසීමට යොදාගන්නා විශේෂිත කාඩ්පත් වල හිඟයක් පැවතීම හේතුවෙන් පළමුවරට ජාතික හැඳුනුම්පත් අයදුම්කරන පිරිසට හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක් නිකුත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසනවා.
මෙලෙස ලබාදෙන මුද්‍රිත කඩදාසිය දෙස් විදෙස් විභාග කටයුතු මෙන්ම බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ කටයුතු සඳහාද වලංගු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියා.
දැනට හිඟව පවතින කාඩ්පත් ලබන අගෝස්තු මාසය පමණ විට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.