ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් අර්ජුන රණතුංග මහතා කටයුතු කරන්නේ නම් ක්‍රීඩා ඇමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස තමාට තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව ක්‍රීඩා ඇමැතිවරයාට තමා දැනුම් දුන් බවද සුදත් චන්ද්‍රසේකර මහතා එම ලිපියේ සඳහන් කර ඇත.
ජාතික ක්‍රීඩා සභාව පෙරේදා රැස්වීමට නියමිතව තිබුණද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ හෝ සහභාගි නොවීම පිළිබඳව විමතියට පත්නොවන ලෙසත්, “අප සියලු දෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත්” සුදත් චන්ද්‍රසේකර විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමුකරන ලද එම ලිපියේ දැක්වේ.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත වන අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ද එම සභාවේ සාමාජිකයෙකි. කෙසේ වෙතත් අර්ජුන රණතුංග මහතා විසින් පෙරේදා කැඳවන ලද එම රැස්වීම සඳහා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා පමණක් සහභාගි වී ඇති බව ද ආරංචි මාර්ගවල සඳහන් වේ.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට ක්‍රීඩාව සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සැපයීම සඳහා අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු මාසයේ දී මෙම ජාතික ක්‍රීඩා සභාව පත් කර ගන්නා ලදී. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.