මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2005 වර්ෂයේදී සකස්කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන කමිටුවක් මගින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.