තවමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමනට ලැබී නොමැති බව කතානායකවරයා පවසා සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා සියලු පක්ෂ මන්ත්‍රීන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා.
පෙර දින අලුයම මාලදිවයිනට ළඟා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්පසු සිංගප්පූරුව බලා යෑමට නියමිත බවද, සිය ගමනාන්තය දක්වා රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව සහිතව ආරක්ෂිතව ගමන් කරන තෙක් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමේ අවශ්‍යතාව මත මෙසේ ලිපිය ලබාදීම ප්‍රමාද වී ඇති බවද මේ වනවිට වාර්තා වනවා.