පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ මාධ්‍යට පැවසීය.

වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ සිට ලැබෙන බව කී මහාචාර්වරයා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version