රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා “පාස්කු සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් සටන් විරාම කාලය තුළ යුක්‍රේනයට එරෙහි සියලු හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස ද එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇතැයිද සඳහන් වේ.

එමෙන්ම මෙම සටන් විරාමට යුක්‍රේනය අනුගමනය කරනු ඇතැයි තමන් උපකල්පනය කරන බවත් නමුත් සිදුවිය හැකි ඕනෑම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මැඩපැවැත්වීම සඳහා රුසියාව සූදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්දව විදේස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාගේ මෙම පාස්කු සටන් විරාමය යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇත්දැයි තවමත් පැහැදිළි වී නොමැති බවය.

Share.
Leave A Reply

Exit mobile version