පසුගිය ජනවාරි 09 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහිදී වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 452ක් වනවා.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 257ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 123ක්, කල්මුනේ දිස්ත්‍රික්කයෙන් 107ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රොගීන් 103ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් පවසා සිටියේ.
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.