කොළඹ කොටුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙම මුදල් ශ්රී ලංකා පොලිසිය වෙත භාරදී තිබුණි.
විරෝධතාකරුවන් රුපියල් මිලියන 17.8 ක මුදලක් ගණන් කර භාරදුන් බවට අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොටුව මහේස්ත්රාත් අධිකරණය ඊයේ මෙම නියෝගය නිකුත් කළේය.
කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා පැවසුවේ අදාළ මුදල් පොලිසියට භාරදී සති තුනක් ගතවී ඇතත් එම මුදල් පිළිබඳ වාර්තාවක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
එම මුදල වහාම ඉදිරිපත් කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කිරීම සිදු කරන ලද අතර මිලියන 17.8 ක මුදලක් අධිකරණය හමුවේ තබාන්නට කියූ මහේස්ත්රාත්වරයා එම මුදල් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කළේය.