ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) අතර හමුව අද (30) පෙරවරුවේ මැනිලා නුවර ආසියනු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පසුගිය කාලය තුළ ආසියනු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දැනුවත් කර තිබෙනවා.
