ඔව්. එය සාර්ථක වෙමින් පවතී. නැත යැයි පැවසුවහොත් එය මුසාවකි. 100% ක්ම සාර්ථක වී නැති නමුත් එමඟින් සාධණීය ජයග්‍රහණ කිහිපයක් මහජනයා විදියට අප සියලු දෙනාටම විද්‍යාමාන වෙමින් පවතී. ඒ අතුරින් කරුණු කීපයක් දෙස අප අවධානය යොමුකර බැලීම වටිනේය.
බොහෝ කාරණා මධ්‍යයේ කියවුණු කාරණාවක් වූවේ ව්‍යවස්ථා සංශෝධනයයි. දැනට පවතින 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කොට නැවත 19 හෝ 21 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීම මූලිකවම කියුවකි. 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස අදහස් කරන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වැඩි දියුණු කළාවූ අනුවාදයයි. එමඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා/ කාරක සභා නැවත ප්රතිස්ඨාපණය කිරීම ඇතුළු වැදගත් වූ මූලික කරුණු රාශියක් බලාත්මක වේ.
දැන් සමහර පක්ෂ රැස්වීම් වලට පවා සමහර මන්ත්‍රීවරු යන්නෙත් සාමාන්‍යය කුඩා වාහනයකිනි. අද තත්ත්වය වනවිට දේශපාලනඥයන්ට විශේෂ තැනක් හිමිනොවීමද ලැබූ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැක. අරගලයේ හා ඉන් පිටත උද්ඝෝෂණ වලදී කියවුණු / දකින්නට ලැබුණු ප්‍රසිද්ධ කියමනක් මා හට මේ අවස්ථාවේ සිහියට නැඟේ. එය නම් “අද සිට VIP වාහන වන්නේ ගිලන් රථ පමණි”.
සිදුවිය යුතු දේ කෙසේ හෝ වෙමින් පවතී. ඉදිරියටත් අවධානයෙන්!