පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා රැසක සභාපති ධුර බොහෝ දුරට විපක්ෂයට සහ සමගි ජන බලවේගයට හිමිවනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ප්‍රේමදාස පෙන්වා දුන්නේ එය ධනාත්මක ගුණාංගයක් බවයි. ඒ අනුව අදාළ කාරක සභා සියල්ලේම පාහේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් රජයට යෝජනා කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රට ගොඩනැගීමට හෝ රටට සේවයක් කිරීමට අමාත්‍ය ධුර අවශ්‍ය නොවන බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. කාරක සභා යනු විපක්ෂයට රටේ සංවර්ධනයට දායක විය හැකි පුළුල් ක්රමවේදයකි.
සමාජ ප්‍රතිසංස්කරණ හරහා සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා ගමන් කරන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.