කොත්මලේ පූඩලුඔය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වාර්තා වන අන්දමට අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 14 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
මේ වනවිට පවතින අයහපත් කාලගුණයත් සමඟ මාර්ගයෙන් ලිස්සා ගොස් මෙලෙස අඩි 80ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරළී ගොස් තිබෙන බවටයි එතන සිටි බලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ නවකඩදොර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.