කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ජුලි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඊට අදාළ සිද්ධියකට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 28 වැනිදා අදාළ සිරකරුවා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මිය ගිය අතර, ඉන් අනතුරුව එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.