ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුනි මාසයේදී හදිසි මානුෂීය ආධාර සඳහා ඩොලර් මිලියන 50 ක් ලබාදුන් අතර ඊට අමතරව ආහාර සහ සෞඛ්‍ය සැපයුම් වේගවත් කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.