අද (05) සවස 5.00 ට පෙර උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලීසියේ දැනුම් දීමට අනුව ගාලුමුවදොර අරගල භූමියෙන් පුස්තකාලය හා පාසල ඉවත්කර ගැනීමට එහි සංවිධානකයින් කටයුතු කර තිබෙනවා.
මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාගෝගම ජනතා පුස්තකාල කණ්ඩායම සඳහන් කළේ, ‘ගෝඨාගෝගම’ ජනතා පුස්තකාලය ‘අරගලයේ ජනතා පුස්තකාලය’ ලෙස නම් කරන බවයි.