තෙල් සහ ගෑස් මිල තීරණය කිරීම සඳහා නව මිල සූත්‍රයක් ඇති බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වැඩි වීම අනුව අදාළ වාසිය පාරිභෝගිකයාට හිමිවන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඛනිජ තෙල් අමාත්‍යාංශය මගින් මිල සංශෝධන සිදු කරන බවයි. මිල සූත්‍රයට අනුව තෙල් මිල සංශෝධනය සඳුදා (15) සිදුකිරීමට නියමිතව තිබුණත් ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නැත.