දේශගුණික අර්බුද නිසා ලෝකය උණුසුම් වීම හේතුවෙන් මිනිසුන් බලාපොරොත්තු වන්නේ නිතරම සිසිල්ව සිටීමටයි. මේ නිසා 2050 වන විට 2018 දීමෙන් වායුසමීකරණ ඒකක භාවිතය තුන් තුන්ගුණයකින් ඉහළ යන බව වාර්තා වෙනවා. ඒ අනුව ඇස්තමේන්තුගත වායුසමීකරණය ඒකක බිලියන 5.6 ක් සඳහා බලශක්තිය සැපයීම ප්‍රමාණවත් දැයි ප්‍රමාණවත් දැයි ගැටළුවක්ව තිබෙනවා. නිදසුනක් වශයෙන් ඉන්දියාවේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විශ්වාස කරන්නේ 2050 වන විට වායු සමීකරණ එරට උපරිම විදුලි ඉල්ලුමෙන් සිට 45%ක් පමණ භාවිතා කල හැකි බවයි. ඉන්දියාවේ විදුලි සැපය සැපයුමෙන් අතිමහත් බහුතරයක් තවමත් ලබාගන්නේ ගල් අඟුරුවලින්. මේ නිසා පිටවන අපිරිසිදු වායූන් සමඟ වායු සමීකරණ ඒකකවල භාවිතා කරන හරිතාගාර වායුන් එක්වීමෙන් මෙම ගැටලුව තවත් උග්‍ර වෙනවා. ඉන්දියාවේ මතුවීගෙන එන මෙම ගැටලුව සඳහා පෞරාණික නිර්මාණශිල්පය තුලින් විසඳුම් සෙවීමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ නවදිල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පියකු හා නිර්මාණකරු වන මොනිෂ් සිරිපුරපු විසින් මේ සඳහා පරිසර හිතකාමී විසඳුමක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගනුලැබූ සොභාවික සිසිලන පද්ධතිය ඉන්දියාවට අමුත්තක් නොවේ. රාජස්ථානයේ සුප්‍රසිද්ධ පඩිපෙළවල් වලට වසර 1500 ට වැඩි කාලයක් තිස්සේ තාපය නිසා වන උණුසුමට සහනයක් ලබා දීම සඳහා ජල වාෂ්පීකරණ තාක්ෂණය භාවිතා කර තිබෙනවා. ගෘහස්ථව හිරු එළිය වැටීම සීමාකිරීම සඳහා යොදා ගන්නා ජාලි ලෙස හඳුන්වන ක්‍රමය තවත් සියවස් ගණනක් පැරණි සිසිලන ක්‍රමයක්. නමුත් සිරිපුරපුගේ මෙම නව විසඳුම සඳහා පදනම් වී ඇත්තේ පුරාණ ඊජිත්තුවරුන්ගේ තාක්ෂණයයි.

ඔහු සිසිල් වාතය නිපදවීම සඳහා සිදුරු සහිත වතුර භාජනයක් පාවිච්චි කරනවා. coolAnt ලෙස නම් කර ඇති සිරිපුරපු ගේ මෙම සිසිලන පද්ධතිය මී වදයක් වැනි ටෙරාකොටා ටියුබ් ජාලයකින් සමන්විත වෙනවා. මෙහි මතුපිටට ඉහළින් විදුලි පොම්පයක් මගින් ජලය සංසරණය වන අතර නලය හරහා වාතය ගමන් කරන විට වාතය සිසිල් වන විට ටෙරාකොටා මතුපිටින් ජලය වාෂ්ප වී යනවා. මෙම සිසිලන පද්ධතිය මුලින්ම සංකල්පනය කළේ කර්මාන්තශාලා සහ යන්ත්‍ර මගින් උණුසුම් වාතය පිටතට ගමන් කරන ස්ථාන සඳහායි. ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ යාමත් සමඟ CoolAnt පද්ධතියේ මඟින් සෙල්සියස් අංශක 30ක් දක්වා තාපය අඩු කළ හැකි බව එහි නිර්මාතෘ පවසනවා. උත්තර ප්‍රදේශයේ නොයිඩා හි කර්මාන්තශාලාවක CoolAnt මඟින් සෑම සතියකම ජලය ලීටර දෙසීයක් ඉහලට ඔසවා කර්මාන්තශාලා ප්‍රතිචක්‍රීකරණය කර දිනකට පැය තුන හතරක් සතියේ දින හයක් භාවිතා කරන බව නිර්මාතෘ සිරිපුරපු පැහැදිලි කරනවා. එය ඉහළ යන වායුසමීකරණ ඉල්ලුම අවම කිරීමට යොදාගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් වෙනවා. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version