ඉන්ෆ්ලුවෙන්සා H3N2 වයිරසය මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් වාර්තා වන අතර එරට සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසුවේ, වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් වුණු පුද්ගලයන් දෙදෙනකු මියගිය බවය.
ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා H3N2 මරණ වාර්තා වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. මරණ වාර්තා වන්නේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවලිනි.
හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදිතයන් 90 දෙනෙකු ගත වූ පසුගිය දින කීපයේ ඉන්දියාවෙන් හඳුනා ගැණුනි.
කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන බව වෛද්‍යවරු කියති. (NDTV)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.