ඇමෙරිකානු එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.
එම 21 දෙනාගෙන් 19 දෙනකු එම පාසලේම දරුවන් බවත් ඉතිරි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු එම පාසලේ ගුරුවරියක බවත් ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි. ඇය නමින් ඊවා මෙරලේස් ය.
මෙම අවාසනාවන්ත වෙඩි තැබීම සිදුවූයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවට ලඟින්ම පිහිටි යුවෙල්ඩේ (Uvalde) නමැති කුඩා නගරයේ ප්‍රාථමික පාසලකය.
මෙලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ 18 හැවිරිදී ඉතා තරුණ පුද්ගලයෙකි.
සැල්වදෝර් රමෝස් නමැති ඔහු ටෙක්සාස් පදිංචි ඇමෙරිකන් පුරවැසියකු බව සිද්ධිය සම්බන්ධයෙන් විස්තර මාධ්‍ය වෙත අනාවරණය කරමින් ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පැවැසීය.
කෙසේ නමුත් පොලිස් නිලධාරින්ගේ වෙඩි පහරවල් හමුවේ සැල්වදෝර් රමෝස් ට සිය ජීවිතය අහිමි විය.
රමෝස් තරුණ ඝාතකයා එම පාසලට කඩා වැදී වෙඩි තැබීමට පෙර, ඔහුගේම අත්තම්මාද වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගත්තේ තරමක් පසුවය. ටෙක්සාස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය දෙවැනි වැඩිහිටි තැනැත්තිය ඇය බව පැවැසෙයි. එනම් 21 වැනි පුද්ගලයායි.
ප්‍රහාරය ආරංචි වීමත් සමග තමන් දැඩි ලෙස කම්පනයට පත් වුණු බව දැනට විදෙස්ගතව සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍යය වෙත පවසා ඇත.
සැල්වදෝර් රමෝස් තරුණයාට මෙක්සිකෝවේ පෙම්වතියක සිටින බවත් ඇයව ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඔහු දැඩි ලෙස උත්සහ කළ බවත්, එය ව්‍යවර්ථ වීමත් සමග ඔහු මෙම පිළිකුල් වූත් අමානුෂික වූත් සැහැසි ක්‍රියාවට යොමු වී ඇති බව බොහෝ ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.
මූලාශ්‍රය: බී.බී.සී නිව්ස්, රොයිටර්