මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) සමත් වුණා.
බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම මෙම ජයග්රහණය වාර්තා කර තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළා. පන්දුවට පහරදීමේදී හර්ෂිතා සමරවික්රම ලකුණු 35 ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 26 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.