ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශ පත්‍ර අලෙවියේ පුරෝගාමියා ලෙස 2014 වසරේදී කරළියට පැමිණි MyTicketsLK, මේ වනවිට ඉතා විශාල පරාසයක ප්‍රසංග සහ විවිධ ඉසව් සඳහා ප්‍රවේශ පත්‍ර සහකරු ලෙස තම සක්‍රීය දායකත්වය ලබාදෙමින් සිටියි. පාරිභෝගිකයන්ගේ සහ සංවිධායකයින්ගේ පහසුව හා ආරක්ෂාව සඳහා කැපවී සිටින MyTicketsLK විසින් credit, debit කාඩ්පත් ඇතුළු නවීන ගෙවීම් ක්‍රම මගින් ඉතා පහසු සහ විශ්වසනීය ටිකට්පත් මිලදීගැනීමේ අත්දැකීමක් සහතික කර ඇත.
MyTicketsLK හුදු වාණිජ පරමාර්ථයන්ගෙන් ඔබ්බට ගොස්, සමාජ සුබසාධන කටයුතු සඳහාද තම දායකත්වය සෘජුව ලබාදෙන බව මැනවින් පෙන්වා දෙමින් “ආයු පදනම” නමින් සමාජ සුබසාධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම පරිත්‍යාගශීලී ප්රයත්නය ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් අත්විඳින, සරණක් අවැසි පුද්ගලයන්ගේ ජීවිත වලට සරණක් වීමේ අරමුණෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට තම සහයෝගය ලබාදීම සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක කර ඇත. මෙමගින් MyTicketsLK හට තමා සේවය සපයන පාරිභෝගිකයින් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ඇති අවශ්‍යතාව හා කැපවීම මනාව පෙන්නුම් කරයි.
MyTicketsLK හි මෙම සමාජ සුබසාධන ක්‍රියාවලිය ඇතුළු අනෙකුත් සියලු ව්‍යාපෘති සඳහා නිල මාධ්‍ය සහකරු ලෙස Buzzer LK ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර MyTicketsLK විසින් සංවිධානය කරනු ලබන සියලු කැපී පෙනෙන ඉසව් ආවරණය කිරීමට කැපවූ වේදිකාව ලෙස Buzzer LK ඉතා විශාල මෙහෙවරක් සිදුකරයි. “ආයු” පදනමෙහි සමාජ බලපෑම තවත් පුළුල් කිරීම සඳහා Buzzer LK ද තම සක්‍රීය දායකත්වය දක්වනු ලබන අතර MyTicketsLK සහ Buzzer LK අතර ඇති මෙම සහයෝගීතාවය, සමාගමේ මෙම වටිනා ප්රයත්නයන් වඩා ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි