අයුෂ්මාන් කුරාණා ඔහුගේ නවතම චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙස රගපෑමට එක් වෙයි. මෙම චිත්‍රපටය නමින් “ඩොක්ටර් ජී (Doctor G)”. ප්‍රහසන ගණයේ චිත්‍රපටයක් වන මෙය අනුභූති කාශ්‍යප් සමඟ අධ්‍යක්ෂණය කිරීමට නියමිතය. ඩොක්ටර් ජී කැම්පස් ප්‍රහසන නාට්‍යයක් යැයි පැවසුවහොත් නිවැරැදියි. ආයුෂ්මාන් මෙසේ මාධ්‍ය වෙත පැවසීය,“ඩොක්ටර් ජී නවමු ආකාරයේ අද්විතීය හා නවතම සංකල්පයක් වන අතර මා එහි තිර පිටපත කියැවූ සැනින්ම එයට සම්බන්ධ වීමට කැමති වූවා. එය ඔබට සිනාසෙන්නට ඉඩ ලබාදේවි.” ඔහු ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කළා. ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ” මගේ වෘත්තීය ජීවිතයේ පළමු වතාවට වෛද්‍යවරයකුගේ කබායක් ඇදීමට හැකිවීම ඉතා සතුටට පත්වන කාරණයක්. මෙය ප්‍රහසන චිත්‍රපටයක් වුවද, එයින් ලබා දෙන පණිවුඩය ඔබගේ හදවතට සෘජුවම කථා කිරීමට මා බලාපොරොත්තු වෙමි. ” ලෙසයි.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ මීට පෙර ආයුෂ්මාන් සමඟ බෙරීලි කි බාර්ෆි (2017) සහ බද්හායි හෝ (2018) චිත්‍රපටය නිපදවූ ජන්ග්ලි පික්චර්ස් විසිනි. චිත්‍රපටය රචනා කර ඇත්තේ සුමිත් සක්සේනා, විශාල් වාග් සහ සෞරබ් භාරත් විසිනි. සුමිත් විසින් ප්යාර් කා පුන්ච්නාමා සහ කරන් ජොහාර්ගේ රාග කතාන්දර වැනි චිත්‍රපට වලට ලිවීමෙන් දායක වී ඇත. “මම මගේ සිනමා නිර්මාණ ගමනට පිවිසෙන්නේ දැඩි ආශාවෙනි. මම ජන්ග්ලී පික්චර්ස් සහ මෙතෙක් ඉන්දීය සිනමාවේ දක්ෂතා දක්වන ආයුෂ්මන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම චිත්‍රපටය නිසැකවම සිත් ඇදගන්නා සුළු එකක් වේවි. මන්දයත් එය තරුණ හා පවුලේ ප්‍රේක්ෂකයින්ට එකසේ ආකර්ෂණය වන බැවිනි.” අනුභූති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. අයුෂ්මාන්ගේ මේ අපූරුතම වෙනස්ම ආකාරයේ රංගනය ඔක්තෝබර් 14 ඔහුගේ රසික රසිකාවියන්ට දැකබලා ගන්නට හැකිවේවි.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.