චීනයට අයත් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස්ටර් වෙත දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ අවසර හිමිවී ඇති බවයි හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලැබී ඇති හෙයින් වරායේ සැපයුම් සහතික කිරීම සඳහා එම නෞකාව විසින් පත් කරන ලද දේශීය නියෝජිතයා සමඟ කටයුතු කරන බව හාබර් මාස්ටර් දන්වා ඇති බව එම වාර්තාවේ සඳහන්.
Trending
- ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
- තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
- අතිවිශේෂ ගැසට් නිවේදනයක්
- මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
- ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
- තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
- අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
- පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Saturday, June 20


