දැනට පවතින විදේශ විනිමය අර්බුදය සමනය වූ පසු ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය සූදානම් බව වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
ඒ අනුව දැනට ක්‍රියාත්මක තහනම තාවකාලික පියවරක් බවත් එය ක්‍රමානුකූලව සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ආනයන තහනම සමාලෝචනය කර අවශ්‍යතා මත අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ආනයන සහන ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.