ආනයනික බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත් සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව බේකරි කර්මාන්තය සඳහා බිත්තර යොදා ගැනීමට අදාල උපදෙස් මාලාවක් සකස්කරන ලෙසද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ කොතලාවල මහත්මියට උපදෙස් දී ඇත. බිත්තර මගින් කුරුළු උණ රට තුළට ඇතුළුවීම වලක්වා ගැනීම සඳහා මෙම පියවර ගනු ලැබේ.
රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ. (දිවයින)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.