ආනයන සීමා පනවා ඇති භාණ්ඩවල එම ආනයන සීමාවන් ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර, පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩවල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද, එය තාවකාලික තත්ත්වයක් බවත්, අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම් වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.