අමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ සිදුකල ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ඉරිදා (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී CIA සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මියගොස් ඇති බවටයි සඳහන් වන්නේ.
ඔහු සැඟවී සිටි ආරක්ෂිත නිවසේ බැලකනියට ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කල මිසයිල ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ.
2011 ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසු සවාහිරි අල්-කයිඩාව භාර ගත් අතර අමෙරිකාවට එල්ල කරන ලද 9/11 ප්‍රහාරයේ මහමොළකරුවෙකු ලෙසද අල් සවාහිරි කටයුතු කර ඇති බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.