අරගලකරුවන් සහ වත්මන් තාරුණ්‍ය සමඟ පැහැදිලි බවකින් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ වනවිට මුහුණ දීමට තිබෙන මුලික අභියෝගය වනුයේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම බව පැවසූ වික්‍රමසිංහ මහතා ආර්ථික සටන ජයග්‍රහණය සඳහා අරගල බිමේ සිටින සියලුම තරුණ තරුණියන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම තමන් අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගාලු මූදූර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ප්රජාතන්ත්ර විරෝධී දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් දැඩිලෙස විරුද්ධ බවත්, මර්දනය උදෙසා කටයුතු කරන කොට්ඨාශයන් නවකවදය නවතා යහපත් සමාජ ප්රජාතන්ත්රවාදයක් සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළින්ම පෙරට පැමිණිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.