අරගලකරුවන් මර්දනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට අද (11) නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
ස්වේච්ඡාවෙන් සහභාගී වන සිවිල් පුරවැසියන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, සමස්ත ජගත් ප්‍රජාවගේත් අවධානය යොමු කිරීම වෙනුවෙන් මෙම විරෝධතාව සංවිධානය කළ බවයි වාර්තාවන්නේ.


