අභිනවයෙන් පත්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් අතර හමුවක් සිදුව තිබෙනවා.
වර්තමානයේ රටේ පවතින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ක්‍රම පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනිය සඳහන් කර තිබෙන්නේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ පවත්වන සාකච්ඡා සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම වෙනුවෙන් වූ නියමිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශව අතර අදහස් හුවමාරුවී අහි බවට වාර්තා වනවා.
අදාළ Twitter පණිවිඩය පහතින්,
