පුරප්පාඩු වන ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු කිසිඳු ප්‍රමාද කිරීමකින් තොරව හැකි ඉක්මණින් පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර සිටිනවා.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වන්නේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාරදීමෙන් අනතුරුව බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කළා.
ජනාධිපති ධූරය පුරප්පාඩුවීමෙන් අනතුරුව අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වන අතර, අගමැතිවරයාට එසේ කටයුතු කළ නොහැකි නම් හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම් කතානායක වරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වන බවත්, ඉන් පසු මාසයක් තුළ පාර්ලිමේන්තුව රැස්වී සුදුසුකම් ඇති මන්ත්‍රීවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරාගත යුතු බවයි ඔහු වඩාත් විස්තර කරමින් සඳහන් කර සිටියේ.
ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මීට පෙර 1993 මැයි මාසයේදී ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයාමත් සමඟ ජනාධිපති ධූරය හිස් වූ එවැනි අවස්ථාවක් තිබූ බව පෙන්වා දුන් ඔහු, පාර්ලිමේන්තුව තුළ පවත්වන ඡන්දයකින් (රහස් හෝ තෝරාගත් ක්‍රමවේදයකට) අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ඉදිරිපත් වන මන්ත්‍රීවරයා 50% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතු බවද ප්‍රකාශ කළා.
රටේ සමාජ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා කිසිඳු ප්‍රමාද කිරීමකින් තොරව හැකි ඉක්මනින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමට කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.