අලුතින් පත්කළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ට කැබිනට් අමාත්‍යවරයකුට හිමි බලතල හා සමාන බලතල පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ද කැබිනට් රැස්වීම්වලට සහභාගි වනු ඇත.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා පත්කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද හඳුනාගෙන තිබෙනවා.
මුළු පාර්ලිමේන්තුවම රජයක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ අදහසට අනුව අධීක්ෂණ කාරක සභා සහ ජාතික සභාව ක්‍රියාත්මක කෙරෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර තරුණ නියෝජිතයින් පස් දෙනෙකු අධීක්ෂණ කාරක සභා සඳහා සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කෙරේ. එවැනි කමිටු සඳහා තරුණ තරුණියන් සහභාගී වන පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වනු ඇත.
ජාතික සභාව සියලු පක්ෂ සහ කණ්ඩායම් නියෝජනය වන පරිදි පිහිටුවා ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විපක්ෂයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත්කිරීමේදී ක්‍රමානුකූලව කමිටු නියෝජනය කරන්නේද, එසේ නොවන්නේ නම් ආණ්ඩුවට එක්වන්නේද යන්න තීරණය කරන ලෙසයි.