අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
QR ක්‍රමවේදය පිළිබඳව අද (23) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු කළ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ හඳුන්වාදීමට නියමිත බවයි අදාළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.


